අත්ඔරලෝසු බැඳීමේ මනෝවිද්‍යාව: වෙලාව බැලීමට එහා ගිය සැඟවුණු රහස

අද කාලේ අපිට වෙලාව බලන්න ඕනෙම නම් සාක්කුවෙන් හෝ අතින් ස්මාර්ට් ෆෝන් එක ගත්තම ඇති. හැබැයි තවමත් තමන්ගේ මැණික් කටුවට ලස්සන අත්ඔරලෝසුවක් නැතුව ගෙදරින් එළියට නොබහින විශාල පිරිසක් ඉන්නවා. ඔබ කවදාවත් හිතුවද මිනිස්සු තවමත් ඔරලෝසු බඳින්නේ ඇයි කියලා? ඒක නිකම්ම විලාසිතාවක් විතරක් නෙවෙයි. මනෝවිද්‍යාත්මකව බැලුවොත්, නිතරම ඔරලෝසුවක් පාවිච්චි කරන අයගේ පෞරුෂය සහ මානසිකත්වය ගැන පුදුම හිතෙන කතා පෙළක් හෙළි වෙනවා. කාලයට වඩා පාලනයට ඇති ආශාව ​බොහෝ දෙනෙක් හිතන්නේ ඔරලෝසුවක් බඳින්නේ වෙලාවට වැඩ කරන්න, නැත්නම් පරක්කු වෙයි කියලා බයට කියලයි. හැබැයි මනෝවිද්‍යාත්මක පර්යේෂණවලින් හෙළි වෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් කතාවක්. නිතරම ඔරලෝසුවක් බඳින කෙනෙක් උත්සාහ කරන්නේ තමන්ට පාලනය කරන්න බැරි, අස්ථිර ලෝකය ඇතුළේ තමන්ගේ ජීවිතයට යම්කිසි පැහැදිලි රාමුවක් සහ සැලැස්මක් (structure) හදාගන්නයි. ​"නිරන්තරයෙන් අත්ඔරලෝසු පළඳින්නන් ප්‍රමාද වීම ගැන බිය නොවෙති; ඔවුන් උත්සාහ කරන්නේ අනපේක්ෂිත ලෝකයක් තුළ තම ජීවිතයට පැහැදිලි ව්‍යුහයක් සහ පාලනයක් නිර්මාණය කර ගැනීමටයි." ​වගකීම සහ විශ්වාසවන්තභාවය ​මනෝවිද්‍යාඥයන් පවසන විදිහට අතේ ඔරලෝසුවක් තිබීම පුද්ගලයෙකුගේ 'conscientiousness' එනම් හෘද සාක්ෂියට එකඟව, වගකීමෙන් වැඩ කිරීමේ ගුණය පෙන්නුම් කරන ප්‍රධාන සාධකයක්. ඔවුන් තමන්ගේ කාලය වගේම අනෙක් අයගේ කාලයත් අගය කරනවා. රැකියා ස්ථානයකදී හෝ සමාජයේදී ඔරලෝසුවක් පළඳින කෙනෙක් දෙස අනෙක් අය බලන්නේ වඩාත් වගකීම් සහගත, විශ්වාසවන්ත චරිතයක් විදිහටයි. ​ස්මාර්ට් ෆෝන් මානසිකත්වයෙන් මිදීම ​අද කාලේ ෆෝන් එකෙන් වෙලාව බලන්න ගියපුහම වෙන්නේ වෙලාව බලන එක පැත්තක තියලා, ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් නොටිෆිකේෂන් පස්සේ ගිහින් විනාඩි ගාණක් නාස්ති වෙන එකයි. හැබැයි අතේ ඔරලෝසුවක් තියෙන කෙනෙක් ෆෝන් එකට ඇබ්බැහි වීම අඩුයි. ඔවුන් තමන්ගේ අවධානය වෙනතකට යන්න නොදී තමන් කරන වැඩේ කෙරෙහි අවධානය තියාගන්න දක්ෂයි. ​අවසාන වශයෙන්, ඔරලෝසුවක් කියන්නේ කාලය මනින උපකරණයක් විතරක් නෙවෙයි. ඒක ඔබේ පාලනය, පෞරුෂය සහ ජීවිතය දෙස ඔබ බලන ස්ථාවර භාවය ලෝකයට කියාපාන නිහඬ සංකේතයක්. ඊළඟ වතාවේ ඔබ ඔරලෝසුවක් බඳිද්දී මතක තබාගන්න, ඔබ මේ සූදානම් වෙන්නේ ඔබේ දවස ඔබේ පාලනයට නතු කරගන්න බව.

Comments

Popular posts from this blog

එල්නිනෝ තත්ත්වය ලංකාවට බලපායි ද?

රොබින් හුඩ්ගේ නිවහන වූ ෂර්වුඩ් වනයේ මහා ඕක් වෘක්ෂය අද තම අවසාන කාලය ගෙවමින් සිටී

විභාග කන්දක් මැද හතිලන ලංකාවේ නිදහස් අධ්‍යාපනය