රොබින් හුඩ්ගේ නිවහන වූ ෂර්වුඩ් වනයේ මහා ඕක් වෘක්ෂය අද තම අවසාන කාලය ගෙවමින් සිටී
රොබින් හුඩ්ගේ සෙවනැල්ල මැකී යයිද? ෂර්වුඩ් වනයේ සුපිරි වෘක්ෂය 'මේජර් ඕක්' ඉතිහාසයට එක්වෙයි ලෝක ප්‍රසිද්ධ රොබින් හුඩ්ගේ වීර කතා ඇසූ සැමට බ්‍රිතාන්‍යයේ "ෂර්වුඩ් වනාන්තරය" (Sherwood Forest) අමුතු තැනක් නෙවෙයි. දුප්පතුන් වෙනුවෙන් පෙනී සිටි රොබින් හුඩ් සහ ඔහුගේ සගයන් සැඟවී සිටියා යැයි කියනු ලබන, වසර දහසකට වඩා පැරණි, දැවැන්ත "මේජර් ඕක්" (Major Oak) වෘක්ෂය අද වන විට බරපතල තර්ජනයකට මුහුණ දී තිබෙනවා. කාලයත් සමඟ දිරාපත් වෙමින් පවතින මේ වෘක්ෂය, සොබාදහමේ සහ ඉතිහාසයේ අපූරු සිහිවටනයක් ලෙස රැක ගැනීමට පරිසරවේදීන් ලොකු සටනක් දෙනවා. රොබින් හුඩ්ගේ සෙවනැල්ල බඳු මේ සුපිරි වෘක්ෂය ඇත්තටම ඉතිහාසයට විතරක්ම සීමා වෙන්න යන්නේ ද කියා අද අපි සොයා බලමු. "වසර දහසක් පුරා ලෝක ඉතිහාසයේ පෙරළි දෙස බලා සිටි, රොබින් හුඩ්ගේ නිවහන වූ ෂර්වුඩ් වනයේ මහා ඕක් වෘක්ෂය අද තම අවසාන කාලය ගෙවමින් සිටී." කවුද මේ "මේජර් ඕක්"? එංගලන්තයේ නොටින්හැම්ෂයර් (Nottinghamshire) හි පිහිටි ෂර්වුඩ් වනයේ තේජවන්තව නැගී සිටින ...