ස්මාර්ට්ෆෝන් ලෝකය හොල්ලන්න ආපු Android 17: මෙන්න ඔබට ලැබෙන සුපිරිම අලුත් විශේෂාංග!
තාක්ෂණික ලෝකයේ හැමෝම මඟ බලාගෙන හිටපු ලොකුම පෙරළියක් සිද්ධ වෙලා තියෙනවා. ඒ තමයි ගූගල් (Google) සමාගම විසින් ඔවුන්ගේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය වන Android 17 නිල වශයෙන් නිකුත් කිරීම. "Android 17 is here" යන තේමාවෙන් ඇන්ඩ්‍රොයිඩ් සංවර්ධක බ්ලොග් අඩවිය හරහා නිකුත් කරපු මේ අලුත් අප්ඩේට් එක, අපේ එදිනෙදා ස්මාර්ට්ෆෝන් භාවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න සමත් වෙනවා.
සරලවම කිව්වොත්, මේ පාර Google ලා අවධානය යොමු කරලා තියෙන්නේ ෆෝන් එකේ වේගය (Performance), ආරක්ෂාව (Security) වගේම එකවර වැඩ කිහිපයක් කිරීමේ හැකියාව (Multitasking) උපරිම මට්ටමට ගේන්නයි.
"තාක්ෂණය කියන්නේ දිනෙන් දින අලුත් වන දෙයක්. Android 17 හරහා ගූගල් උත්සාහ කරලා තියෙන්නේ පාරිභෝගිකයාට වඩාත් නිදහස්, වේගවත් මෙන්ම ආරක්ෂිත ස්මාර්ට්ෆෝන් අත්දැකීමක් ලබා දෙන්නයි. විශේෂයෙන්ම ෆෝල්ඩබල් (නැවිය හැකි) දුරකතන සහ ආරක්ෂාව ගැන මෙහිදී සුවිශේෂී අවධානයක් යොමු කර තිබෙනවා."
App Bubbles: ඕනෑම ඇප් එකක් ෆ්ලෝටින් වින්ඩෝ එකක් කරන්න
පරණ ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ වල අපිට බබල්ස් (Bubbles) විශේෂාංගය දැකගන්න ලැබුණේ මැසෙන්ජර් වගේ චැට් ඇප්ස් වල විතරයි. හැබැයි Android 17 මඟින් ඔබට ෆෝන් එකේ තියෙන ඕනෑම ඇප් එකක් "Floating Bubble" එකක් බවට පත් කරගන්න පුළුවන්. ඔබ කරන්න ඕනේ අදාළ ඇප් අයිකන් එක උඩ ටික වෙලාවක් තද කරන් සිටීම (Long-press) විතරයි. මේ නිසා වෙනත් වැඩක් කරන අතරතුර, තිරය මතුපිට කුඩා වින්ඩෝ එකක් විදිහට තවත් ඇප් එකක් එකවර භාවිත කරන්න පුළුවන්.
Screen Reactions: වීඩියෝ ක්‍රියේටර්ස්ලාට මරු භාණ්ඩයක්
ඔබ වීඩියෝ හදන කෙනෙක් හෝ ගේමර් කෙනෙක් නම් මෙන්න ඔබට නියම අප්ඩේට් එකක්. දැන් ඔබට Screen එක රෙකෝඩ් කරන ගමන්ම, ෆෝන් එකේ සෙල්ෆි කැමරාවෙන් ඔබේ මුහුණේ ඉරියව් සහ ප්‍රතිචාර (Reactions) එකවර රෙකෝඩ් කරන්න පුළුවන්. මේ සඳහා වෙනම ඇප්ස් හෝ ග්‍රීන් ස්ක්‍රීන් (Green Screen) අවශ්‍ය වෙන්නේ නැහැ.
Foldable Gaming සහ ඉහළ වේගය
නැවිය හැකි (Foldable) දුරකතන භාවිත කරන අයට 50/50 Layout එකක් හරහා උඩ කොටසින් ගේම් එක බලන ගමන්, යට කොටස ගේම් පෑඩ් එකක් (Gamepad) විදිහට පාවිච්චි කරන්න පුළුවන් Gaming Mode එකක් හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේම, ඇප්ස් ක්‍රෑෂ් වීම් සහ ස්ටක් වීම් (UI Stutters) අවම කරන්න පසුබිම් මතකය (Memory) කළමනාකරණය කරන අලුත් සිස්ටම් එකක් ඇතුළත් කර ඇති නිසා ෆෝන් එක වෙනදාට වඩා ගොඩක් ස්මූත් වෙනවා.
හොරුන්ට විදින බයෝමෙට්‍රික් ලොක් එක
ෆෝන් එක නැති වුණොත් පාවිච්චි කරන්න පුළුවන් "Mark as lost" කියන විශේෂාංගය තවත් ශක්තිමත් කරලා තියෙනවා. දැන් හොරෙක් ඔබේ ෆෝන් එකේ පාස්කෝඩ් එක දැනගෙන හිටියත්, Find Hub හරහා එය ලොක් කරාට පස්සේ බයෝමෙට්‍රික් (ඇඟිලි සලකුණු හෝ මුහුණ හඳුනාගැනීම) නැතිව ෆෝන් එක ඇතුළට යන්නවත්, ට්‍රැකින් (Tracking) ඕෆ් කරන්නවත් බැහැ. එමෙන්ම ඇප්ස් වලට තමන්ගේ නිශ්චිත පිහිටීම (Precise Location) ලබා දෙන්නේ එක් වරක් පමණක් (One-time permission) වන ලෙස සකස් කිරීමටත් මෙහිදී අවස්ථාව දී තිබෙනවා.
අවසාන වශයෙන්, Android 17 කියන්නේ නිකම්ම නිකන් අතුරුමුහුණත වෙනස් කරපු අප්ඩේට් එකක් නෙවෙයි. එය පරිශීලකයාගේ ආරක්ෂාව සහ පහසුව වෙනුවෙන්ම නිර්මාණය වුණු සැබෑ තාක්ෂණික පිම්මක්. මේ වන විට Google Pixel දුරකතන සඳහා මෙය නිකුත් කර ඇති අතර, ඉදිරි මාස කිහිපය තුළ අනෙකුත් සුප්‍රසිද්ධ ස්මාර්ට්ෆෝන් මාදිලි වෙතද මෙම යාවත්කාලීන කිරීම ලැබීමට නියමිතයි.
Comments
Post a Comment